(+94) 412282710
[email protected]
භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Morawaka Buddhist M.V.

මාර/මොරවක බෞද්ධ මහා විද්‍යාලය

දෙනියාය අධ්‍යාපන කලාපය

  • Register
  • Login
Morawaka Buddhist M.V.

මාර/මොරවක බෞද්ධ මහා විද්‍යාලය

දෙනියාය අධ්‍යාපන කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • පාසල් සිතියම
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
      • ශිෂ්‍යත්ව ප්‍රතිඵල
      • අ.පො.ස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල
      • අ.පො.ස උසස් පෙළ ප්‍රතිඵල
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. විදුහල්පති

විදුහල්පති පණිවිඩය

මාර/මොරවක බෞද්ධ මහා විද්‍යාලය

 මාර මොරවක බෞද්ධ මහා විද්‍යාලය වන අප විද්‍යාලය දකුණු පළාත තුළ මෙන්ම දෙනියාය අධ්‍යාපන කලාපය තුළ ද ඉමහත් කීර්තියක් අත්පත් කරගෙන ඇති පාසලකි. දැනුම ලබා දීමෙන් පමණක් ම ගුණාත්මක දරුවෙකු නිර්මාණය කළ නොහැකි බව වටහාගනිමින් දරුවන්ගේ යහගුණදම් වර්ධනයට ද සුවිශේෂී අන්තර්ගතයක් සකස් කරමින් ඒ ඔස්සේ ක්‍රියාත්මක වීම අප පාසලේ ඇති සුවිශේෂීත්වයයි. අප පාසලේ දරුදැරියන් අධ්‍යාපන අංශය ඔස්සේ විෂය බාහිර ව මෙන් ම මෙන්ම විෂය සමගාමී ව දක්වනු ලබන දස්කම් විස්කම් සැබවින්ම ඉතා ඉහළය. ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය, අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය, මෙන්ම අ.පො.ස උසස් පෙළ විභාග වලින් විශිෂ්ට ලෙස දරුවන් පෑ දස්කම් මෙන්ම සෞන්දර්ය, ක්‍රීඩා ආදී කටයුතු තුළදී පළාත් හා ජාතික වශයෙන් දරුවන් පාසලට අත්කර දී ඇති කීර්තිය ඉතා අගනේය.
පාසලක් වශයෙන් දරුවන්ගේ මෘදු කුසලතා සංවර්ධනය උදෙසා අප අනුගමනය කරනු ලබන ක්‍රියාදාමය ඔස්සේ නොසැළෙන පෞරුෂයකින් යුතු දරු පරපුරක් දැයට තිළිණ කිරීමේ භාග්‍ය අප ලබා ඇත. නවීන තාක්ෂණික පරිවර්තනයන් ඔස්සේ මුළුමහත් විශ්වයම ඉදිරි ගමනකට අවතීර්ණ වී ඇති යුගයක පාසලක් වශයෙන් අප ද නවීන තාක්ෂණයේ ඵලදායී අංශය දරුවන් හා එක්ව භුක්ති විඳිමින් සිටියි. එහි ප්‍රතිඵලයක් වශයෙන් පාසල වෙනුවෙන් මෙම නිල වෙබ් අඩවිය නිර්මාණය කරන ලදි. යාවත්කාලීන තොරතුරු පළ කිරීම ඔස්සේ පාසලේ අභිවෘද්ධිය උදෙසා නිරන්තර ක්‍රියා කරමින් සිටින සෑම පාර්ශවයක් සමග ම ඵලදායි සන්නිවේදන කාර්‍යයක් සිදු කිරීමට මෙම වෙබ් අඩවිය ඉතා සුවිශේෂී තෝතැන්නක් වනු ඇතැයි මම අපේක්ෂා කරමි.තවද අප විද්‍යාලය පිළිබඳ තොරතුරු නොදන්නා පාර්ශවයන්ට ද විද්‍යාලයයේ යාවත්කාලීන තොරතුරු ක්ෂණිකව ලබා ගත හැකි මාධ්‍යයක් වශයෙන් ද මෙම වෙබ් අඩවිය පරිශීලනය කළ හැකි වේ. පාසලට හිතෛෂී ඔබසැම විසිරී නොව එකම සමූහයක් වශයෙන් පාසල සමග බැඳී සිටීමට මෙම වෙබ් අඩවිය මනා පිටුවහලක් වනු ඇත. මෙම වෙබ් අඩවිය සමග අඛණ්ඩව රැඳී සිටිමින් පාසලේ අනාගත ගමන් මග සාර්ථක කර ගැනීමේ කාර්‍යයට ඵලදායි අයුරින් දායක වන ලෙස සැමට ආරාධනා කරමි.

නියෝජ්‍ය විදුහල්පති;
මොරවක බෞද්ධ මහා විද්‍යාලය.

Morawaka Buddhist M.V.

මාර/මොරවක බෞද්ධ මහා විද්‍යාලය

දෙනියාය අධ්‍යාපන කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • Weliwa Pahuruthota Rd,Morawaka

: (+94)412282710

: (+94)412282710

: [email protected]

Supported By

© 2026 Morawaka Buddhist M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk